ඉතාලිය වෙත බලපා ඇති අධික උෂ්ණත්වයක් සහිත කාලගුණයෙන් ලැව්ගිනි පැතිරී යාම හේතුවෙන් සිසිලි දූපතේ පැලර්මෝ ගුවන් තොටුපොළ වසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
මේ දිනවල එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ .
එමෙන්ම මෙම ලැව්ගිනි පැතිරී යාම හේතුවෙන් දුම්රිය,ගමනාගමනයට සහ රථවාහන ගමනාගමනයට බධා එල්ල වී තිබෙන බව වාර්තා වේ .
