ගුවන් තොටුපොළක මෙහෙයුම් නවතීයි.

ඉදිරි පැය 24 තුළ ගොඩබිමට කඩාවැදීමට නියමිත මිචාවුන්ග් සුළි කුණාටුව හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපොළ සිය මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කළ බව නිවේදනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ .

මේ සම්බන්ධයෙන් චෙන්නායි ගුවන් තොටුපළ පාලනාධිකාරිය සිය නිල X ගිණුම හරහා නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එම නිවේදනය පහතින් ,

“අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගුවන් තොටුපළ හෙට උදේ 9.00 දක්වා පැමිණීමේ සහ පිටවීමේ මෙහෙයුම් සඳහා වසා ඇත”

Exit mobile version