2024 අයවැය නොවැම්බර් 13 වන සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වනදා සිට දින 7ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා සවස 6ට පැවැත්වීමට නියමිතව තිබේ .
2024 අයවැයට අදාළ කමිටු අදියරේ විවාදය 22 වනදා සිට දින 19ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා සවස 6ට පැවැත්වීමට නියමිතව තිබේ.
