ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කළ කල බවට වාර්තා වේ.
ඒ අනුව ජාතික පාසල්වල 2 සිට 4 හා 7සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පංති සදහා ළමුන් ඇතුළත් කිරීමේදී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 21න් පසුව ජාතික පාසල් දැනුවත් කරන අතර එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් නොකරන බවද අදාල නිවේදනය මගින් දක්වා තිබේ.
