කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක් .

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ ගැඹුරින් සැලකිල්ල යොමුකරන ලෙස සමස්ත දේශපාලන නායකත්වයෙන් ඉල්ලීමක් කරමින් එම නිවේදනය නිකුත් කර තිබේ.

මේ වනවිට නීතියේ ආධිපත්‍ය බරපතළ ලෙස බිඳ වැටී ඇති බවත්, රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවෙමින් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙවැනි භයානක තත්ත්වයක් ඉදිරියේ දේශපාලන නාටක පසෙකලා ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය බැරෑරුම් ලෙස සලකා කටයුතු කරන ලෙසත් කතෝලික සම්මේලනය බලධාරීන්ගේ ඉල්ලීමක් සිදු කරයි.

Exit mobile version