2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර ජුලි 24 වනදා ආරම්භ වී අගෝස්තු 17 වන දින අවසන් වන බව අධ්‍යාපනය අමාත්‍යාංශ්‍ය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා නිවාඩු ලබා දීමට නියමිත අතර දෙවන වාරයේ දෙවන අදියර අගෝස්තු 28 වනදායින් ආරම්භ වී ඔක්තොම්බර් 27 වනදායින් අවසන් වන බව සදහන් වේ.
එමෙන්ම තෙවන වාරයේ පළමු අදියර ඔක්තොම්බර් 30 වැනිදායින් ආරම්භ වී නොවැම්බර් 24 වනදායින් අවසන් වන බවත් , අ.පො.ස. උසස් පෙළ විභාගය හේතුවෙන් නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා නිවාඩු ලබා දෙන බවත් , තෙවන වාරයේ දේවන අදියර 2024 වර්ෂයේ ජනවාරි 1 වනදා සිට පෙබරවාරි 16 වනදා දක්වා පැවැත්වෙන බවත් එම නිවේදනයේ දක්වා තිබේ.
