පොලිස්පතිවරයා පත්කිරීම ගැන විශ්වවිද්‍යාල අචාර්ය වරුන්ගෙන් නිවේදනයක්.

2023මාර්තු 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට නියමිත නව පොලිස්පති වරයා තෝරා ගැනීමේ ක්‍රමවේදයන් හරහා මෙම පත්කිරීම පක්ෂග්‍රාහී වාසි වෙනුවෙන් ව්‍යවස්ථාමය ක්‍රියා පටිපාටීන් කඩකර තිබීම යන කරුණු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අචාර සමිති සම්මේලනය දැඩි කනස්සල්ල පල කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා යනු නීතිය, විශ්වාශය, සහතිකකිරීම උදෙසා අකුරටම පිළිපැදිය යුතු අයකු බව ඔහුන් පෙන්වාදේ. පොලිසියේ ක්‍රියා කලාපය ජන ජීවිතයට කෙතරම් බලපාන්නේද යනවග විදායක ජනපතිට හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සිහිකැදවිය යුතු නැති බවයි ඔහුන්ගේ මතය.

විශ්වවිද්‍යාල අචාර සමිති සම්මේලනය අවධාරණය කරනුයේ මි ලග පොලිස්පති වරයා අතීත පොලිස් සේවයේ ආදර්ශමත්,විනිවිදභාවයකින් යුතුව ක්‍රියා කල ඇති  නිසි ක්‍රියායාපටිපාටියකින් තෝරා ගනු ලබන එම තනතුරට ගැලපෙන, සිවිල් සමාජය නියෝජනය කරන  නිලධාරියකු විය යුතු බවයි.

එම සම්මේලනය තවදුරටත් සදහන් කර ඇත්තේ මෙම තනතුර සදහා පත්වන නිලධාරියා හට එරෙහිව අධිකරණයේ සාපරාධි හෝ මුලික අයිතිවාසිකම් නඩු නොතිබීම, සේවා කාලයේ බරපතල කළු සලකුණු නොතිබීම, වත්මන් හෝ පසුගිය රජයන්වලට සහය දෙමින් ක්‍රියා කල ගෝල  බාල නිලධාරියකු නොවීම හා මේවනවිට  අපකීර්තියට පත් පොලිස් සංදර්ශනයන් හට සහය නොදෙන යන කාරනා කෙරෙහි අතිශයින්ම ගැලපෙන නිලදාරියකු තෝරා ජනාධිපති වරයා විසින් පත්කර ජනතාව අතර ප්‍රසිද්ධියට පත් කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටී. එය මහජනයාට කරුණු දැන ගැනීමේ අයිතිය ලෙසද ඔහුන් පෙන්වා දේ.

2023 මාර්තු 7හා 8 යන දින වල සිදුවූ අතිප්‍රමාණ, මිලේච්ච, බලහත්කාරී, දෝෂාරෝපණ, මිල්ටරි මැරයන් යොදවමින් විශ්වවිද්‍යාල භුමියේ පොලිසිය විසින් ක්‍රියා කල ආකාරය ව්‍යවස්ථා විරෝධී හා කිසිසේත් පිළිගත නොහැකි හා අනුමත කල නොහැකි සිදු වීමක් බව ඔහුන් පෙන්වා දේ.

 මෙම තීරණාත්මක පත්කිරීමේදී වැදගත්වන්නේ, ලක් බිමට අවශ්‍ය වන්නේ වෘත්තිමය වූ, අපක්ෂපාතිවු, සිය පුරවැසියන්ගේ අයිතිවාසිකම් වලට ගරු කරමින්  පොලිසිය හැසිරවිය හැකි පොලිස් ප්‍රධානියෙක් බවත් නව පොලිපතිවරයා පොලිස්පති විය යුත්තේ පොලිසියට හෝ රජයට දේශපාලනට, දේශපාලන ගොලබාලයන්හට නොවන බවත් ජනතාවට සේවය කරන පොලිස්පති වරයෙක් බව ඔහුන් පෙන්වා දෙයි.

මෙම ක්‍රියා පටිපාටියෙන් පරිබාහිරව එම පත්කිරීම සිදුකරන්නේනම් පොලිසිය කෙරෙහි පවතින ජනතා අප්‍රසාදය තව තවත් වැඩි වන බව හා පලදුවන බවත් මෙමගින් නීතියේ ආධිපත්‍ය ඇති  විශ්වාසය තවදුරටත් බිදවැටෙන බව විශ්වවිද්‍යාල අචාර සමිති සම්මේලනය අවධාරණය කර තිබේ.

Exit mobile version