අද(14) වළයාකාර සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.
එය ශ්‍රී ලංකාවට දිස් නොවන බවට ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
මෙරට වේලාවෙන් රාත්‍රී 8.34ට ආරම්භ වන මෙම වළයාකාර සූර්යග්‍රහණ හෙට(15) අලුයම 2.25ට අවසන් වීමට නියමිත බව සදහන්.
එය මෙක්සිකෝව, මධ්‍යම අමෙරිකාව, කොළොම්බියාව සහ බ්‍රසීලය යන රටවලට දිස්වේ.
මේ අතර, ලබන 28 වනදා රාත්‍රියේ 11.32ට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.
එය පසුදා අලුයම 1.05 සිට 2.23 දක්වා ශ්‍රී ලංකාවේ දිස්වෙන බව සඳහන් .
