නව හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ විශ්‍රාමික යුධ හමුදා කෝප්‍රල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර ඇති බව වාර්තා වේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හසලක මහ අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපයෝජනයට ලක් වූ නව හැවිරිදි දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්.
මේ සම්බන්ධ ඉදිරි විමර්ශණ කටයුතු හසලක පොලීසිය විසින් සිදුකරනු ලබයි.
