පෞද්ගලික බස් රථයක් තුළදී තුර්කි ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් කළා යැයි කියන යුද හමුදා කෝප්‍රල්වරයෙක් දඹුල්ල මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මහනුවර සිට දඹුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ මෙම සිදුවීම සිදුව ඇති බව සදහන්.
තුර්කි කාන්තාව ඇයට සිදු වූ ක්‍රියාව පිළිබඳව මගීන්ට දැනුම් දීමෙන් පසු මගීන් විසින් සැකකරු පොලිසියට භාර දී තිබේ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කදවුරක රාජකාරි සිදු කරන මාතලේ ප්‍රදේශයේ පදිංචි කෝප්‍රල්වරයෙකි.
දඹුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.