උත්සව කාලයේ බීමත් රියදුරන් හඳුනා ගැනීමට ටෙස්ට් කිට් එක් ලක්ෂ හැට හත් දහසක් පොලිස් ස්ථාන වෙත බෙදා හැරීම ආරම්භ කර ඇති බවත් , ඉන් 70,000 ක් පමණ මේ වන විට බෙදා හැර අවසන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම උත්සව කාලයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට සහ අනතුරු වළක්වා ගැනීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බව ද සඳහන්.
