සුරාබදු නිලධාරියෙකුට පහරදීමක් .

‍මතුගම ප්‍රදේශයේ දී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට පහර දී ඔහු සතු මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය මස 12 වැනිදා මතුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබිණි.

එහි දී උපාය දූතයකු ලෙස යෙදවූ සුරාබදු නිලධාරියාට ජාවාරම්කරුවන් විසින් තියුණු ආයුධයකින් පහර දී එම නිලධාරියා සතු ව තිබූ රුපියල් 245,000ක මුදලක් කොල්ල කා තිබූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදු කළ විමර්ශනයේ දී ඊට සම්බන්ධ සැකකරුවකු ඕවිටිගල ප්‍රදේශයේ දීත් තවත් සැකකරුවෙකු බදුරලිය ප්‍රදේශයේ දීත් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතු ව හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 553ක් ද සොයා ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version