සැමියාගෙන් බිරිදට ප්‍රහාරයක්.

අද (27) දින  ගම්පොල කොස්ගොල්ල ප්‍රදේශයේදී සැමියා විසින් සිය බිරිදට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියක් වාර්තාවේ.

පහර කෑමට ලක්වූ කාන්තාව තම දරු දෙදෙනා පාසලවෙත රැගෙන පා ගමනින් ගමන්කරමින් සිටියදී මෙලෙස  පරකෑමට ලක්ව තිබේ.

පවුල් ආරවුලක් මත මෙලෙස පහර කෑමට ලක්වූ කාන්තාව බරපතල තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කොට ඇතිබව වාර්තාවේ.

මෙම අනතුරට මුහුණ පා ඇත්තේ 44 හැවිරිදි ගම්පොල කොස්ගොල්ල ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් බව සදහන් වේ.

අනතුර සිදුකිරීමෙන් පසුව සැකකාර පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර පොලිසිය ඔහු සොයා විමර්ශන ආරම්භ කොට තිබේ.

Exit mobile version