නොච්චියාගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකුට යකඩ මුගුරකින් පහරදීමේ සිද්ධියක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාට ඔහුගේ පන්තියේම සිසුන් 7 දෙනෙකු පමණ එක්වී යකඩ මුගුරකින් මෙම පහරදීම සිදු කර ඇති බව සදහන්.
එහිදී අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ සිසුවා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර නොච්චියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
