ඩ්‍රෝන යැවීමට විරෝධය පෑ මුරකරුට පහරදීමක් .

ලුණුගම්වෙහෙර ජලාශය අවට ඩ්‍රෝන යානාවක් යැවීමට උත්සාහ දැරූ පුද්ගලයින්ට විරෝධය පෑ ජලාශ මුරකරුට පහරදුන් තරුණයින් හතර දෙනෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම ,ලුණුගම්වෙහෙර ,වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සදහන්.

පහර කෑමෙන් තුවාල ලැබූ මුරකරු ප්‍රතිකාර සදහා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version