රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අයත් ගෝනවිල , පමුණුවිල ,සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
ඊයේ (18) රාත්‍රියේ සිදු වූ මෙම ප්‍රහාරය පිළිබඳව මාකොළ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කල බව සදහන්.
නිවස අවට සවිකර ඇති ආරක්ෂිත කැමරාවල දර්ශන උපයෝගී කර ගනිමින් මෙම පහරදීමට පැමිණි පිරිස් හදුනාගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
