මුලතිව් ප්‍රදේශයේ දැරියක් පැහැර ගැනීමට තැත් කිරීමක්.

මුලතිව් ,පුදුකුඩීරුප්පු ප්‍රදේශයේ කයිවේලි ප්‍රදේශයේදී දැරියක් පැහැර ගැනීමට කටයුතු කළ තරුණයෙකු ඊයේ (13) තරුණයින් පිරිසක් විසින් අල්ලා පොලිසියට භාර දීමේ පුවතක් වාර්තා වේ.

දැරියගේ මව ඇයව යතුරුපැදියකින් උපකාරක පන්තියක් කරා රැගෙන විත් දමා ආපසු යෑමේදී එතන සිටි තරුණයෙකු දැරියගේ මුහුණට ලේන්සුවක් අල්ලා සිහිසුන්කර දැරිය පැහැරගැනීමට උත්සාහ දරා ඇති බව සදහන්.

මෙම සිද්ධිය දුටු තරුණයින් පිරිසක් දරුවා බේරාගෙන සැකකරු පුඩුකුඩීරුප්පු පොලිසියට භාර දී තිබේ.

සිහිසුන්ව සිටි දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇති අතර සිද්ධියට සම්බන්ධ තරුණයා කොම්බාවිල් ප්‍රදේශයේ පදිංචි 20 හැව්රිදි තරුණයෙකු බවට පොලිසිය පවසා තිබේ.

Exit mobile version