කෘතීම බිත්තර ගැන දැනුවත් කිරීමක්.

ව්‍යාජ කෘතිම බිත්තර සංසරණය වීම සාවද්‍ය බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඔවුන් පවසන්නේ බිත්තර පරිභෝජනයට බියක් ඇති නොකර ගන්නා ලෙසත් , ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාර හා සමානව මෙම සාවද්‍ය පුවත ප්‍රචාරය වන බැවින් එයට හසුනොවන ලෙසත් ය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ කෘතිම බිත්තර විකිණිමට මෙන්ම ආහාර සඳහා යොදා ගැනීමට ද හැකියාව නොමැති බවත් , මෙවැනි අකටයුත්තක් සිදු වුවහොත් 1977 දූරකථන අංකයට පැමිණිලි කරන ලෙසටත් පාරිභෝගික සේවා අධිකාරිය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .

Exit mobile version