පාංශු උණ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්.

ගොවීන් අතර මේ දිනවල පැතිර යන පාංශු උණ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දැනුවත්වී නැති බවට හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී ගුණරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහු පැවසුවේ, පසෙන් හා ජලයෙන් මෙම රෝගය පැතිර යන බවට සෞඛ්‍ය අංශ දන්වා ඇති බැවින් මෙම රෝගය සම්බන්ධයෙන් ගොවිජනතාව විශේෂ අවදානයක් යොමු කළ යුතු බවයි.

මෙම රෝගය පාදයේ පවතින තුවාල මගින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ ආඝ්‍රාණය මගින් බැක්ටීරියාවක් ශරීරගත වී වැළදෙන බවට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

Exit mobile version