ඊයේ (19) නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ පිහිටි චීන අවන්හල් කිහිපයක් වෙත පොරොවක් රැගෙන පැමිණි චීන ජාතිකයෙකු විසින් සිදු කළ පහරදීමකින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස පහර දුන් චීන ජාතිකයාව අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු සන්තකයේ තිබී තවත් ආයුධ කිහිපයක් හමු වූ බව සඳහන් වේ.
