ඉතාලියේ භූකම්පනයක්.

මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රබලත්වයක් සටහන්ව ඇත්තේ රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙසටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් සිදුව ඇති බවයි.

භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ සිද්ධියෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි.

Exit mobile version