ඉන්දියාවේ මනිපූර්හි භූකම්පනයක්.

ඉන්දියාවේ මනිපූර්හි අද (21) අලුයම භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම භූකම්පන තත්ත්වය රිච්ටර් පරිමාණයේ 3.5ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවට එරට භූකම්පන විද්‍යාව සදහා වූ ජාතික මධ්‍යස්ථානය සදහන් කර තිබේ.

අලුයම 5.01ට පමණ සිදුව ඇති මෙම භූකම්පනය මනිපූර්හි උක්රුල් ප්‍රදේශයේ කිලෝමීටර් 20ක් ගැඹුරින් සිදුව ඇති බව සදහන්.

මෙම භූමිකම්පනයෙන් සිදුව ඇති ජීවිත හෝ දේපල හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Exit mobile version