පිලිපීන අගනුවර වන මැනිලා නුවර භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.
මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 5.2ක් ලෙස සටහන්ව තිබූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට වේලාවෙන් අද (13) පෙරවරු 8.24ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව සඳහන්.
තත්පර 10ට අඩු කාලයක් මෙම භූකම්පන තත්ත්වය දැනී ඇති බවට එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් සිදුව ඇති ජීවිත හෝ දේපල හානි පිළිබඳ තවමත් තොරතුරක් වාර්තා වේ නොමැති බව සඳහන්.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ ,සිදුවිය හැකි හානිය සහ පසු කම්පන පිළිබඳව පළාත් පාලන ආයතන වෙත අනතුරු අඟවා ඇති බවයි.
