දකුණු පැසිෆික් සාගරයේ භූකම්පනයක්.

දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දූපතට ආසන්න ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.

රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය ටොංගා දුපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 280 පමණ කලාපයක් දක්වා දැනී තිබේ.  

කෙසේවෙතත් මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවට අමෙරිකානු කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version