ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 22යි පන්දු 2කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 116ක් පමණක් බව වාර්තා වේ.
ඇෆ්ගනිස්තාන පිල වෙනුවෙන් මොහොමඩ් නබී හතරේ පහර 2 ක් සහ පන්දු 23 කදී ලකුණු 23ක් ලබා ගැනීමට සමත්ව තිබේ.
ඊබ්‍රාහිම් සඩ්රාන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 22කි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුළු 4 ක්ද ,ලහිරු කුමාර කඩුළු 2 ක්ද ,මහීෂ් තීක්ෂණ කඩුළු 1 ක්ද දවා ගැනීමට සමත් වූ අතර වනිදු හසරංග පන්දුවාර 4 යි පන්දු 2කදී කඩුළු 3ක් දවා ගැනීමට සමත්ව තිබේ.
ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ලකුණු 117ක් රැස්කර ගත යුතුව තිබේ.
