ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 279කට සීමා වූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 122ක් රැස් කළ ධනංජය ද සිල්වා දෙවන ඉනිමේදී ද ලකුණු 82ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී නිෂාන් මධුෂ්ක ලකුණු 52ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 42ක් රැස් කළ බව සදහන්.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 312කට සීමා වූ අතර පකිස්ථානය ලකුණු 461ක් රැස් කිරීමට සමත් වූ බව සදහන්.
සවුද් ශකීල් පකිස්ථානය වෙනුවෙන් නොදැවී ලකුණු 208ක් රැස්කර තිබේ.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා පකිස්ථානය රැස් කළ යුතු වන්නේ, ලකුණු 131කි.