අනවසර විදුලි රැහැනක ගැටී ඇතෙකු ජීවිතක්ෂයට .

අනවසර විදුලි රැහැනක පැටලී ඇතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

කහටගස්දිහිලිය , නෙකටුනුවැව ප්‍රදේශයේ ගෙවත්තක් වටා ඉදිකර තිබූ විදුලි රැහැනක වැදී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව ඇති අතර වයස අවුරුදු 18 ක් පමණ වන බව සඳහන් .

මෙම ඇතාට අඩි දෙකයි අඟල් හතරක් පමණ දිගු දළ දෙකක් තිබී ඇත .

සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 50 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

Exit mobile version