මීනගයා දුම්රියට අලියෙක් බිලි.

ඊයේ (13) රාත්‍රී 10 ට පමණ වැලිකන්ද හා පූනානී දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදී මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා රාත්‍රී තැපැල් දුම්රියේ වන අලියෙකු ගැටීමෙන් වන අලියා මියගොස් ඇති බව වාර්තා වේ .

මීට දින තුනකට පෙර මෙම ස්ථානයටම ආසන්න ස්ථානයක දී රාත්‍රී 09.15ට පමණ පුලතිසි දුම්රියේ ගැටී අලියෙකු මියගොස් තිබේ .

Exit mobile version