පාසල් සිසුවියකට ගෝන ප්‍රහාරයක්. – ගෝන හිමිකරු අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ පාසල් සිසුවියකට ගෝනෙකු විසින් එල්ල කළ ප්‍රහාරයක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

එම අනතුරින් තුවාල ලැබූ 6 හැවිරිදි වියේ පසුවූ පාසල් දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙන අතර මෙම පහරදීම සම්බන්ධයෙන් අදාළ සත්වයාගේ හිමිකරු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අවට රැස්වූ පිරිස එම සත්වයා පළවාහැරීම සඳහා ගල් ප්‍රහාර එල්ල කළ ද සත්වයා නොනවත්වා දැරියට ප්‍රහාරය එල්ල කළ අයුරු ඒ අසළ සවිකර තිබූ CCTV කැමරාවක පටිගතව තිබූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version