සෞඛ්‍ය ලේකම්ගෙන් හදිසි චක්‍රලේඛයක්.

ඖෂධ හා එන්නත් සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශයේ පවතින අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා උඩුදුවා ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසහංග යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ .

සෞඛ්‍ය අමාත්‍යාවරයාද ඔහුට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වන බව පවසමින් ඊට මුහුණ දීමට බලමුළු තර කරමින් සිටින අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිම ක්‍රියාවක් විවේචනය කිරීම අත්හිටුවමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් හදිසි චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වේ .

ඒ අනුව ජනමාධ්‍ය සඳහා ප්‍රකාශ ලබා දීමේදී අනුගමනය කළ යුතු ආකාරය දන්වා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සේවය කරන සියලු නිළධාරින්ට බලපැවැත්වෙන පරිදි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන් .

Exit mobile version