“අමෙරිකන් XL බුලි” නම් සුනඛ වර්ගය තහනම් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව වාර්තා වේ.
බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇත්තේ, එම සුනඛයන් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන බවත් එම සුනඛයින් හේතුවෙන් ජනතාව පීඩාවට පත්වී සිටින බවයි.
ප්‍රධාන වශයෙන්ම මෙම සුනඛයින් සපා කෑමෙන් ජීවිත හානි සිදුව තිබෙන බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එබැවින් මෙම වසර අවසානයේ සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය ඇතිකිරීම තහනම් කිරීමට නව නීති ගෙන එන බවද අගමැති රිෂි සුනක් පවසා තිබේ.
එක්සත් රාජධානියේ අන්තරායකර සුනඛ පනත යටතේ මෙම සුනඛ වර්ගය තහනම් කිරීමට කටයුතු කරන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර ඇතැම් පිරිස් එම තීරණයට විරෝධය දක්වා ඇති බවද සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් එරට ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනිය පවසා ඇත්තේ, මේ වන විට මෙම සුනඛයින් ඇති කරන පිරිසට එම සුනඛයින් මියයන තුරු දැඩි නීති රෙගුලාසි හමුවේ රැක බලාගත හැකි බවයි.
එමෙන්ම එම වර්ගයේ සියලුම සුනඛයින් වදභාවයට පත්කළ යුතු බවත් ඔවුන් නිවසින් පිටතට රැගෙන යන සෑම විටකදීම මුඛවාඩම් පැලඳවීම අනිවාර්යය බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
