ලබන මස පළමු වැනිදා සහ දෙවනදා පාර්ලිමේන්තුව හදිසි කැඳවීමකට ඉඩ ඇති බවත් , ලබන 27 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතාවය අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව මූල්‍ය රෙගුලාසි ඉක්මනින් අනුමත කර ගැනීම සඳහා මෙම පාර්ලිමේන්තු හදිසි රැස්වීම පවත්වන බව සඳහන් වේ.
