විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් කැනේඩියානු මහා කොමසාරිස්වරයාට හදිසි කැඳවීමක්.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ජන සංහාරයක් සම්බන්ධව ශ්‍රී ලංකාවට සිඳු කළ චෝදනා පිළිබඳව කරුණු විමසා බැලීම සඳහා කැනේඩියානු මහා කොමසාරිස් වන එරික් වොල්ෂ් ව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා ඇති බව වාර්තා වේ.

එහිදී කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් මැයි 18 වනදා නිකුත් කළ ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යවරයා මුළුමනින්ම හෙළා දැක ඇති බවත් , දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත් , එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version