නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින් චීනයේ නගර කීපයක පැතිරෙන නව වෛරස් උණ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කිරීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
නව වෛරස් රෝගය සම්බන්ධයෙන් වහා පැහැදිලි කිරීමක් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීන සෞඛ්‍ය බලධාරීන් එම පැහැදිලි කිරීම සිදු කර තිබේ.
එය නව වෛරස් රෝගයක් නොවන බවත්, නිව්මෝනියා රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍ය සිදුවීමක් බවත්, චීන සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කර තිබේ.
මේ වනවිට චීනයේ බෙයිජීං අගනුවර ද ඇතුළු නගර කීපයක රෝහල් නිව්මෝනියා රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා කුඩා දරුවන් බව සදහන්.
