කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ප්‍රාදේශීය කාර්යාලයට යාබදව පිහිටා තිබෙන වැසිකිළියක් තුල මෙම පිපිරීම සිදුව ඇති අතර මෙය අලි වෙඩිල්ලක් බවට පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
මෙම පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේපලවලට හානි සිදුව ඇති බව සදහන්.
කැකිරාව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
