භෝජනාගාරයක පිපිරීමක්.

චීනයේ බාබකිව් භෝජනාගාරයක සිදුවූ ගෑස් ටැංකි පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

වයඹදිග චීනයේ නින්ග්ෂියා කලාපයේ එම අනතුර සිදුව ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරුව චීන ජනපති ෂී.ජින්පින් නියෝග කළේ එවැනි ස්ථාන සදහා දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් පවතින ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්ය .

Exit mobile version