පාසලක පිපිරීමක් – සිසුන් තිදෙනෙක් රෝහලට .

ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් මාවතුර කලෛමහල් දෙමළ විද්‍යාල භූමිය තුළ සිදු වූ පිපිරීමකින් සිසුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ .

පොලීසිය පවසන්නේ අනතුරින් තුවාල ලද සිසුන් තිදෙනා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි .

ඔවුන්ගෙන් එක් සිසුවෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහු 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් බව සඳහන්.

පාසල් කාලය තුළදී මෙම සිසුන් තිදෙනා එළියට පැමිණි අවස්ථාවේදී බෝලයක් වැනි යමක් දැක ඇති අතර එහිදී එක් සිසුවෙකු එයට පා පහරක් එල්ල කර තිබේ .

එහිදී එය පුපුරාගොස් ඇති අතර පිපිරීමත් සමග සිසුවාගේ සපත්තුව කැඩී ගොස් පාදයට හානී සිදුවී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ එලෙස පුපුරා ගියේ කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

Exit mobile version