දකුණු ප්‍රංශයේ මාර්සෙල් නගරයේ ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් 10 දෙනෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වේ.
මහල් හතකින් යුත් මෙම ගොඩනැගිල්ලේ පිපිරීමත් සමග අවට ගොඩනැගිලි දෙකකට අර්ධ වශයෙන් හානි සිදුව ඇති අතර ගින්න නිවීම සදහා ගිනි නිවන භටයින් 100ට අධික පිරිසක් යොදවා ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි.
එම ගොඩනැගිලිවල සිටි 200කට ආසන්න පිරිසක් ඉවත්කරගෙන ඇති අතර බොහෝදුරට ගෑස් කාන්දුවක් මෙම පිපිරීමට හේතු වන්නට ඇති බවට ප්‍රංශ බලධාරීන් සැක පළ කරනු ලබයි.
