පාකිස්ථානයේ පිපිරීමක්.

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ රෝහල් සංකීර්ණයක් අසල බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අංශ රැගත් රථයක් ඉලක්ක කරගනිමින් පිපිරීම සිදු ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී එක් ආරක්ෂක අංශ නිලධාරියෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සදහන්.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් මෙතෙක් භාර ගෙන නොමැති බව වාර්තා වේ.

Exit mobile version