ප්‍රංශයේ පැරිස් නුවර ගොඩනැගිල්ලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීම නිසා ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් පුද්ගලයින් සිටීද යන්න සම්බන්ධයෙන් මෙහෙයුම් කණ්ඩායම් විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන්.
මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර එරට ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
