පිපිරීමකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට .

අසර්බයිජානයේ Nagorno-Karabakh කලාපයේ පිහිටි ඉන්ධන ගබඩාවක සිදු වූ පිපිරීමකින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඉන් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

Nagorno-Karabakh ප්‍රදේශයේ 120,000 පමණ ආර්මේනියානුවන් වාසය කරන බව සඳහන්.

ස්ටෙපනකර්ට් ප්‍රධාන නගරයේ මෙම පිපිරීම සිදු වී ඇති නමුත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව වාර්තා වේ.

Nagorno-Karabakh ප්‍රදේශයේ දැනට පවතින වෛද්‍ය පහසුකම් ද ප්‍රමාණවත් නොවන බවට විදෙස් මාධ්‍යය සඳහන් කර තිබේ.

Exit mobile version