ඉන්දියා – පාකිස්ථාන තරගයට අතිරේක දිනයක්

DUBAI, UNITED ARAB EMIRATES - OCTOBER 24: Babar Azam of Pakistan and Virat Kohli of India interact ahead of the ICC Men's T20 World Cup match between India and Pakistan at Dubai International Stadium on October 24, 2021 in Dubai, United Arab Emirates. (Photo by Michael Steele-ICC/ICC via Getty Images)

2023 සැප්තැම්බර් 10 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති පාකිස්ථානය සහ ඉන්දියාව අතර ආසියානු කුසලාන සුපර් 04 වටයේ තරගය සඳහා අතිරේක දිනයක් ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය අතරතුර අයහපත් කාලගුණය ක්‍රීඩා කිරීම අත්හිටවුවහොත්, තරගය අත්හිටුවන ලද ස්ථානයේ සිට 2023 සැප්තැම්බර් 11 වැනි දින දිගටම පැවැත්වෙන බව සදහන්.

එවැනි අවස්ථාවකදී, ප්‍රවේශපත්‍ර ලබාගත් ප්‍රේක්ෂකයන්ට තම තරග ප්‍රවේශපත්‍ර දෙවැනි දිනය සඳහා භාවිත කළ හැකිය.

Exit mobile version