යාපනයේ ප්‍රදේශ කිහිපයක් පුරා මේ දිනවල ඇස් රෝගයක් පැතිර යමින් පවතින අතර එම රෝගයට වැඩි වශයෙන්ම පාසල් සිසුන් ගොදුරු වී ඇති බව වාර්තා වේ.
යාපනයේ වලිකාමම් ,වඩමරච්චි යන ප්‍රදේශවල මෙම ඇස් රෝගය වැළදුණු පාසල් සිසුන් 68 දෙනෙකු එම පළාත්වල ප්‍රාදේශීය රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බව වාර්තා වේ.
ඇස්වලින් කදුළු ගැලීමත් ,ඇස් රතු පැහැ ගැන්වීමත් මෙම ඇස් රෝගයේ මූලික රෝග ලක්ෂණ වන අතර රෝගය වැළදීමෙන් පසුව ඇස්වල දැඩි වේදනාවක් හටගන්නා බව සදහන්.
යාපනයේ සෞඛ්‍ය නිලධාරින් ප්‍රකාශ කරන්නේ මේ දිනවල යාපනය පුරා පවතින අධික සුළං තත්ත්වය නිසා සුළග සමග පැමිණ ඇති විෂබීජයකින් මෙම රෝගය පැතිර යන බවයි.
සෑම විටම පිරිසිදු ලේන්සුවක් භාවිත කරන ලෙසට සෞඛ්‍ය නිලධාරින් පාසල් සිසුන්ට හා ජනතාවට උපදෙස් ලබා දී තිබේ.
