එළඹෙන උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළඳාම් කටයුතුවල නිරත වීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බව ඊයේ (6) ජනාධිපති කාර්‍යාලයේ දී කොළොම්තොට එක්සත් වෙළඳ සංගමය ඇතුළු පදික වෙළඳ සංගම්වල නියෝජිතයන් හමු වූ අවස්ථාවේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පදික වෙළෙඳුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලු වලට පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කොට එම අවස්ථාවේදීම පිළිතුරු ලබා දීමට කටයුතු කළ බවත් , පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බවත් සඳහන්.
එමෙන්ම පදික වෙළෙඳුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ජනපති සමඟ සාකච්ඡා කළ බවත් , ඒවාට නිසි පිළිතුරු ලබා දීමට කමිටුවක් පත් කරන බවත් සාගල රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.
