රාජගිරිය ඔබේසේකරපුර වජිරවංශ මාවතේ කුලී නිවසක මත්පැන් පෙරීමේ ස්කාගාරයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරකට අනුව වැලිකඩ පොලිසිය විසින් ඊයේ (19) දින සිදු කළ වැටලීමකින්
නීති විරෝධී මත්පැන් පෙරීමේ නිරතව සිටි චීන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙදෙනා වයස අවුරුදු 46 හා 41 යන වයස්වල පසුවන වරාය නගරයේ සුපරීක්ෂකවරුන් දෙදෙනෙක් බව සඳහන්.
එම ස්ථානයේ තිබී ගෝඩා ලීටර් 250 ක්, නීති විරෝධී මත්පැන් ලීටර් 100ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙරට වෙසෙන චීන ජාතිකයන් ඉලක්ක කරගෙන අලෙවි කර ඇති බවද හෙළිව තිබේ .
