නීති විරෝධී පුනුරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනුරුත්ථාපනය කරන මුවාවෙන් මොරටුවමුල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගිය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලා එම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කරන සුඛෝපභෝගී මධ්‍යස්ථානයක් ලෙස මුහුණු පොතේ දැන්වීම් පල කරමින් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වන අයෙකු සඳහා විශාල  මුදලක් ගෙවීමට සිඳුවන බවත් , ආහාර පාන සඳහා වෙනම මුදලක් අය කරන බවත් , මෙම ස්ථානයේ පුනුරුත්ථාපනය වී සිටින අය සඳහා ප්‍රතිකාර කිරීමට කිසිඳු වෛද්‍යවරයෙකු නොමැති බවත් , එම ස්ථානය අපිරිසිදු එකක් බවත් පොලිස් මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් හෝ අන්තරාදායක ඖෂධ අධිකාරියෙන් බලපත්‍ර ලබා ගෙන නොමැති බවත් , මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල තුළ සිරමැදිරි ආකාරයෙන් සකසන කාමර කිහිපයක් දක්නට ලැබුණු බවත් , මෙම ස්ථානය වටලන අවස්ථාවේ දී ප්‍රතිකාර සඳහා එහි  නාවතැන් ගෙන සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු සිට ඇති බවත් සඳහන්.

Exit mobile version