අයාලේ යන සුනඛයන්ගේ වර්ධනයක් .

හැටන් නගරය තුල අයාලයේ යන සුනඛයන් වර්ධනය විමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ අයාලයේ යන සුනඛයන් නගරයේ විවිධ පොදු ස්ථානවල, සමහර පාසල් තුල මෙන්ම මාර්ගවලද නිරන්තරයෙන් සැරි සැරිමත් සමග තමන්ට මාර්ගයේ ගමන් කිරිමට බියක් පවතින බවද ප්‍රදේශවාසීන් පිරිසක් පවසති.

එමෙන්ම මෙම අයාලයේ යන සුනඛයන් සමහර පාසල්  තුල සැරි සැරිමත් සමග මෙම සුනඛයන්ගෙන් තම දරුවන්ට යම් හානියක් සිදු වෙතැයි තමන් තුල දැඩි බියක් පවතින බවද එම පිරිස් වැඩිදුරටත් පවසති.

මෙයට වසර කිපයකට පෙර හැටන් දික්ඔය නගර සභාව මගින් අයාලයේ යන සුනඛයන් වන්දකරනයට ලක් කිරිමට පියවර ගත්තද පසු ගිය කාලය තුලදි එය නිසි ලෙස සිදු නොකිරිමත් සමග මේ වන විට අයාලයේ යන සුනඛයන් වර්ධනය වි ඇති බවත් මේ පිළිබඳව අදාල බලධාරින්ගේ දැඩි අවදානය යොමු කල යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

Exit mobile version