මේ දිනවල දරුවන් අතර සරම්ප රෝගී තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන බවට වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.
ඊයේ දිනය වනවිට දරුවන් 12කට එම රෝගී තත්ත්වය වාර්තා වු බවට රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම රෝගයේ ලක්ෂණ ලෙස උණ හා රතු ලප ඇති වීම විශේෂයෙන් හඳුනාගත හැකි බව ද මෙම රෝගයේ ඇති භයානකත්වය පිළිබඳ ජනතාව නිසි දැනුවත් වීමක් නොමැති බවද වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
“මේක හැදුනෙම පොඩිකාලේ ප්‍රතිශක්තිකරණය ගත්තේ නැති අයට. ඒ නිසා මේ රෝගයට ප්‍රතිශක්තිකරණයක් විදියට MMR එන්නත මාස 9 යේදී හා අවුරුදු 3 දී නොමිලේ ලබාදෙනවා. ඒක ලබාගන්න හැමෝම කටයුතු කරනවා නම් මේක හැදෙන්නේ නෑ. ඒත් කලාතුරකින් ප්‍රතිශක්තිකරණ එන්නත ගත්ත අයටත් හැදෙන්න පුළුවන්. මේ වෙලාවේ එහෙම ගත්තේ නැති අයට රෝගය ව්‍යාප්ත වෙනවා. මේකේ අතුරු ආබාධ විදියට සමහර වෙලාවට පාචන තත්ත්වයන්, මන්ද පෝෂණ තත්ත්වයන්, දීර්ඝ කාලීනව කාලයක් ගිහින් මොළයට බලපෑම් වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට සරම්ප වෙනුවෙන් ලබාදෙන MMR එන්නත ලබාගන්නා ලෙස ඉල්ලනවා.”
