පානදුර මූලික රෝහලේ ඉතා පැරණි ගොඩනැගිල්ලක ඉදි කර ඇති දැඩිසත්කාර ඒකකයේ වහලයට හා බිත්තිවලට වේයන් හානි කිරීම නිසා මේ වන විට එය වසා දමා ඇති බව වාර්තා වේ.
මෙම ගැටළුව නිසා ශල්‍යකර්මවලට ලක් කරන රෝගීන් ,රිය අනතුරුවලට ලක්වන රෝගීන් මෙන්ම බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් සදහා ඇදන් වෙන් කිරීමේදී කාර්යය මණ්ඩලය දැඩි අපහසුතාවකට ලක් වන බව සදහන්.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවට රෝහල් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.
