සීතා ඇතින්නට රබර් උණ්ඩ යොදාගනිමින් වෙඩිතැබීමේ සිදුවීම පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නියෝග කර ඇති බව වාර්තා වේ.
ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
එමෙන්ම මහියංගණ විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍ය සඳහා විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන් සහභාගි වන බැවින්, ප්‍රදේශයේ වල්අලින් බහුල වශයෙන් සැරිසැරීම හේතුවෙන් වල්අලි පලවා හැරීමේ කණ්ඩායමක් විහාරස්ථානයේ ස්ථාපිත කරන ලෙස මහියංගණ විහාරාධිපතිහිමියන් විසින් වනජිවි දෙපාර්තමේන්තුවන් ඉල්ලීමක් කර තිබූ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එම ඉල්ලීමට අනුව, වනජීවි නිලධාරින් සමග වල්අලි පලවා හැරිම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති සිවිල් ආරක්‍ෂක භටයකු ද සහභාගි වී ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව පසුගිය ඊයේ (30) දින උදෑසන 3.15ට පමණ මහවැලි ගඟ අසබඩ ගාල්කර සිටි සීතා නැමැති ඇතින්නට වල්අලියෙකු යැයි සිතා රබර් උණ්ඩ වෙඩිතැබීමක් වාර්තා වී ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර විනය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම මේ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අදාළ පාර්ශවයන් වෙත නියෝග කර ඇති අතර, අදාළ රාජකාරියට සම්බන්ධ වී ඇති සිවිල් ආරක්‍ෂක භටයා විසින් රාජකාරි ඉටුකිරීමේදී විනය විරෝධී ක්‍රියාවක් සිදුවී ඇත්නම්, අදාළ භටයාට විරුද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ තවදුරටත් සඳහන්ව තිබේ.